ආදරය



මල් විලේ පිපි රන් මලේ
ඔබ මගේ පැතුම ජීවිතේ
සිල් සඳේ රැස් කැළුම් මැදේ
මට දැනේ සුවඳ ආදරේ....

විල් තෙරේ නිල් නදී තෙරේ
මල් නෙලු යොවුන් කුමරියේ
රන් සඳේ එළියෙන් දිලේ
වත ඔබේ කුමුදු පෙති වගේ....

රන් වළා පාවූ රැයේ
වරලගින් චාමර සැලේ
මං ලඳේ නොකියම් කෙසේ
පන මගේ ඔබමයි ප්‍රියේ....


No comments:

Post a Comment