අහිමි වීම නොහොත් විරහව




මලක් වෙන්නට පෙරුම් පිරුවද
දොළක් අසලින් නිසල උදයේ
සුදක් පැහැගෙන පිපුනු බිම් මල
දෙනෙත් අතරේ කිම නොරැඳුනේ...

වලක් දිය නැති නිසරු කතරේ
පොදක් වැස්සට නොවෙද පිපුනේ
ගඟක් දිය ඇති මගේ හද හැර 
ගලක් අසලින් කිමද රැඳුනේ...

වළක්වන්නට නොහැකි පවකිනි
දුරක් යන්නට ඔබට සිතුනේ
සිතක් පෙම් කල උහුලනා දුක
මඳක්වත් නැහැ ඔබට දැනුනේ...

No comments:

Post a Comment